අසිරිමත් දඹදිව වන්දනා

0
Price
Price
The tour is not available yet.

Proceed Booking

Save To Wish List

Adding item to wishlist requires an account

3954

Why Book With Us?

  • No-hassle best price guarantee
  • Customer care available 24/7
  • Hand-picked Tours & Activities

Get a Question?

Do not hesitage to give us a call. We are an expert team and we are happy to talk to you.

+94 772 773 777

info@sunsmarttravels.com

ශ්‍රී ලංකා
ඉන්දියා
බෞද්ධයකුගේ දිවිගමනේ අති උත්තරිතම පැතුම වු බුදුන් උපන් දේශයේ තථාගතයාණන් ගේ පාදස්පර්ශය ලද දඹදිව සිද්ධස්ථාන වැද පුදා සිත පහදවා ගැනිම සදහා ඔබ දුක්මහන්සියෙන් උපයා ගත් මුදල් වලට උපරිම වටිනා කමක් ලබා දෙමින් සුහදශීලි කාර්යමණ්ඩලයක දිවා රැ උපරිම සේවය සමගින් ඔබ වැනිම පිරිසක් සමග විශ්වසනීය , සුව පහසු, ආරක්ෂාකාරී පින්වත් චාරිකාවක් සඳහා අප සමග එක් වන්න.

 

චාරිකාව පිළිබද විස්තර

විදේශ ගමන් බලපත්‍රයක් සන්ස්මාර්ට් ආයතනය මගින් ලබා ගන්නා අය

  • උප්පැන්න සහතිකයේ මුල් පිටපතක් හෝ එය නොමැතිනම් දරුවෙකුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත් සහ දිවුරුම් ප්‍රකාශයක් 
  • ජාතික හැඳුනුම්පත සහා පිටපත් 2ක් (හැඳුනුම්පත දෙපැත්තම පිටපත් කළ යුතුය) ජාතික හැඳුනුම්පත නොමැතිනම් ග්‍රාමසේවක විසින් සහතික කරන ලද ඔබගේ ඡායාරූපයක් හෝ රියදුරු බලපත්‍රය හෝ වැඩිහිටි හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතුය.
  • පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූප 4 ක්. (මාස 3 ක් තුල ගන්නා ලද)
  • කාලය ඉක්ම වු ගුවන් ගමන් බලපත්‍රයක් ඇත්නම් එය අස්ථානගත වි ඇත්නම් එහි අංකය සඳහන් පොලිස් වාර්තාවක්.
  • විවාහ සහතිකයේ මුල් පිටපත (විවාහයෙන් පසුව කාන්තාවගේ වාසගම වෙනස් කර ඇත්නම් පමණි.)
  • වයස අවුරුදු 70 හෝ ඊට වැඩි නම් වෛද්‍ය සහතිකය ඉදිරිපත් කිරිම අනිවාර්ය වේ.
  • ගුවන් බලපත්‍ර හෝ විසා ලබාගැනිමේදී ගැටලු ඇත්නම් කාර්යාලය අමත්න්න.
  • සියළුම ඡායාරූප ගැනීමේදී උපැස් යුවළ පැලඳිමෙන් හා තනි සුදු වස්ත්‍ර ඇඳිමෙන් වළකින්න.
  • අයදුම්කරු නොපැමිණෙන්නේ නම් විදේශ ගමන් බලපත්‍ර අයදුම් පතක් අත්සන් කර රැගෙන් ආ යුතුය.

 විදේශ ගමන් බලපත්‍රයක් ඇති අය ආයතනය මගින් වීසා ලබාගැනිම සඳහා.

  • වීසා ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 4 ක් (ප්‍රමාණය සෙ.මී 5*5 පසු තලය සුදු පැහැති විය යුතුයි, උපැස් යුවලක් නොමැති විය යුතුයි.)
  • ජාතික හැඳුනුම්පතේ දෙපැත්තේම ගන්නා ලද ඡායා පිටපතක් උප්පැන්න සහතිකයේ පිටපතක්.
  • මාස 6 කට වඩා වලංගුතාවයක් ඇති ගුවන් ගමන් බලපත්‍රයක් හා පරන ගුවන් ගමන් බලපත්‍රයක් ඇති නම් එය
  • කල් ඉකුත් වු විදේශ ගමන් බලපත්‍රය අස්ථානගතවි ඇත්නම් එහි අංක සඳහන්  පොලිස් වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි.
  • හැඳුනුම්පතේ හෝ උප්පැන්න සහතිකයේ ඡායා පිටපතක් නොමැතිනම් පදිංචිය සනාථ කළ ග්‍රාමසේවක සහතිකයක් ඉදිරිපත් කළ යුතුයි.
  • 3 ගුවන් ගමන් බලපත්‍රය සහ වීසා සැදීමට සති 4ක කාලයක් ගත වන බැවින් ඉක්මණින් ලියකියවිලි ඉදිරිපත් කළ යුතුයි.එසේ නැතහොත් අයදුම්කරු පෞද්ගලිකව අයදුම් කර ලබා ගත යුතුය.
  • ලිය කියවිලි හා වෙනත් අවශ්‍ය දෑ තැපැල් මගින් හෝ වෙනත් ආකාරයකට එවිමෙදි පහත දුරකථන අංකය අමතා වැඩිදුර විස්තර ලබා ගන්න 081 222 5300, 0772 773 777 

පිටත් වීම සහ පැමිණීම

බණ්ඩාරනායක ජාතියන්තර ගුවන් තොටුපොළ

සැලකිය යුතුයි

ගුවන් ගතවිමට අවම පැය 3කට පෙර ගුවන් තොටුපළට පැමිණිය යුතුය

අන්තර්ගතය

  • රු 25 000 ක හදිසි අනතුරු රක්ෂණය
  • ඉන්දියාවෙ සිද්ධස්ථානවලට ඇතුල් විමේ ගාස්තු
  • වන්දනා ගමනේ ඩීවිඩී තැටියක් නොමිලේ
  • නවාතැන් පහසුකම්
  • ආහාර පාන හා නවාතැන් පහසුකම්
  • සංචාරයේදී 20kg ගෙනයා හැකි වටිනා බෑගයක් හා අත් බෑගයක්
  • 7 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් නිරතුරුව ඔබ වෙනුවෙන් සේවයේ යෙදේ
  • වන්දනා අත් පොතක්

චාරිකාව යාම සඳහා අනිවාර්යයෙන් පිළිපැදිය යුතු කරුණු 

  • ඉන්දියාව තුලදී මත්ද්‍රව්‍ය භාවිතය සපුරා තහනම් වේ
  • ආයතනය මගින් ලබාදෙන බෑගයන් පමණක්‌ රැගෙන යාමට කාරුණික වන්න කාන්තාවන් සඳහා අවශ්‍ය නම් කුඩා අත් බෑගයක් රැගෙන යා හැකිය.
  • තනි සුදු ඇදුම් 3ක් පමණ හා අනෙකුත් ඇදුම් ආගමික ස්ථාන වලට සුදුසු ආකාරයේ එවා විය යුතුයි. 
  • රැගෙන යාම සඳහා ඇමරිකානු ඩොලර් මුදල් එකකය බැංකු මගින් මාරු කර ලබා ගත යුතු අතර පඩුරු දැමිම ආදි කටයුතු සඳහා ශ්‍රීලංකා රුපියල් බාවිතා නොකිරීමට වගබලා ගත යුතුය.
ගමනට අවශ්‍ය දෑ
සිල් ඇදුම් කට්ටියක් , ශීත දේශගුණයට ගැලපෙන ස්වේටරයක් , විදුලි පන්දමක්, කුඩා උණු වතුර බෝතලයක් , කුඩයක් , බත් ඔතන කොළ, පිගන් කෝපප, කුඩා පිහියක් සහ හැන්දක්, පෞද්ගලික ඇග පිසදමන තුවායක්.
අවශ්‍ය නම් :- වෛද්‍ය වරයෙකු සහතික කරන ලද තමාට පුරුදු බෙහෙත් වර්ග, කැමරාවක් , පුජා භාණ්ඩ , රෙදි සෝදා වනා ගැනිමට අවශ්‍ය නයිලෝන් නුල් හා රදවන ක්ලිප්ස්, මුඛ ආවරණයක්, ප්‍රදාන වේල් 3 ට අමතරව තමාට අවශ්‍ය නම් කුඩා කල් තබා ගත හැකි ආහාර වර්ග (උදා:- බිස්කට් වර්ග,අග්ගලා, කට්ට සම්බල්, පළතුරු )
විශේෂ සදහන:- 
බුද්ධගයාව හා ජේතවනාරාමය යන පන්සල් වලට සාංඝික දාන පිරිනැමේ. (පන්සල් දෙකේම හාමුදුරුවන් 35 ක් පමණ ) ඒ සදහා රතු කැකුලු සහල්, පොල් කිරි පැකට්, ආදි දානයට ඔනෑම දෙයක් කැමති නම් පමණක්‌ රැගෙන යා හැකිය. (අවශ්‍ය නම් බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධියට , ජේතවනාරාමයේ අනන්ද බෝධියට ආදි පුජා කිරිම සදහා සිවුරු පිරිකර ලංකාවෙන් ගෙන යා යුතුය .)
චාරිකාවේ වන්දනා කරන ස්ථාන සහ ගමන් සැලැස්ම

දිනය 1කොළඹ - බුද්ධගයාව

දුෂ්කර ක්‍රීයා කළ ලෙන් වන්දනා කිරිම, සේනානිගම,සුජාතා කිරිපිඬු පුජා කල ස්ථානය,ශ්‍රී මහා බෝධිය වන්දනා කිරිම සහ සාප්පු සවාරිය.

දිනය 2බුද්ධගයාව

කිරිපිඬු පුජාව,සිල් සමාදන් වීම, සාංඝිකදානය බෝධිපුජාව, සම්පුර්ණ දිනයම ශ්‍රී මහා බෝධිය අසල ගත කිරිම

දිනය 3බුද්ධගයාව - රජගහනුවර

දෙව්දත් ගල පෙරලු ස්ථානය, ගිජ්ජකුඨය බිම්බිසාර රජු සිර ගත් කළ ස්ථානය, ගැල් 500ක් එරුණු ස්ථානය, නාලන්දාව වන්දනාව හා බුද්ධගයාව බලා පිටත් විම

දිනය 4බුද්ධගයාව- විශාලාව -කුෂිනගරය

විශාලාව වන්දනාව, පිරිනිවන් මංචකය,ආදාහන චෛත්‍ය හා අවසන් වර පැන් වැළදු ස්ථානය වන්දනා කිරිම

දිනය 5කුෂිනගරය -ලුම්බිණිය

ලුම්බිණි සල් උයන වන්දනා කිරිම

දිනය 6ලුම්බිණිය -කපිලවස්තුපුරය- සැවැත්නුවර

කපිල වස්තු වන්දනව හා සැවැත් නුවර ජේතවනාරාමය වන්දනා කිරිම

දිනය 7සැවැත්නුවර

සිල් සමාදම් විම සාංඝික දානය,ජේතවනාරාමය,ගන්ධකුටිය, දම්සභා මණ්ඩපය වන්දනාව සහ අනන්ද බෝධින් වහන්සේ අභියස වන්දනාව සහ ධාතු ප්‍රදර්ශනය (රෝස මල් පුජාව සහ අලෝක පුජාව, සත් බුදු වන්දනාව)

දිනය 8සැවැත්නුවර - අග්‍රා

ටජ් මහල පිටතින් නැරඹීම (ඇතුල් විමට ගාස්තු ගෙවිය යුතුයි ) හා සාප්පු සවාරිය

දිනය 9අග්‍රා - දිල්ලි

දිල්ලි නගරයේ සිරි නැරඹීම හා සාප්පු සවාරිය

දිනය 10දිල්ලි- සංකස්ස -කාන්පුර්

සංකස්ස වන්දනාව හා කාන්පුර් බලා පිටත් වීම

දිනය 11කාන්පුර් - බරණැස

බරණැස,ඉසිපතන, මිගදාගය වන්දනා කිරිම, මුලගන්ධකිටි විහාරය,දම්සක් පැවතුම් සුත්‍ර දේශනාවට සවන් දීම හා රාත්‍රී සාප්පු සවාරිය

දිනය 12බරණැස - කොළඹ

ශ්‍රීලංකාවට පැමිණීම

Map
Photos
බෞද්ධයකුගේ දිවිගමනේ අති උත්තරිතම පැතුම වු බුදුන් උපන් දේශයේ තථාගතයාණන් ගේ පාදස්පර්ශය ලද දඹදිව සිද්ධස්ථාන වැද පුදා සිත පහදවා ගැනිම සදහා ඔබ දුක්මහන්සියෙන් උපයා ගත් මුදල් වලට උපරිම වටිනා කමක් ලබා දෙමින් සුහදශීලි කාර්යමණ්ඩලයක දිවා රැ උපරිම සේවය සමගින් ඔබ වැනිම පිරිසක් සමග විශ්වසනීය , සුව පහසු, ආරක්ෂාකාරී පින්වත් චාරිකාවක් සඳහා අප සමග එක් වන්න.

 

Need Help?
Call Now - +94 772 773 777